මෙතෙක් කලක් කිසිඳු සැලකිල්ලකට භාජනය වී නොතිබූ ක්ෂේත්‍ර 14ක් බදු දැලට

මෙතෙක් කලක් කිසිඳු සැලකිල්ලකට භාජනය වී නොතිබූ ක්ෂේත්‍ර 14ක් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී, අනිවාර්යෙන්ම බදු ගෙවීම සඳහා යොමු කරගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ බදු ගෙවිය යුතු අංශ පිළිබඳව මේ ආකාරයෙන් අවධානය යොමුකළ වකවානුවක් මීට පෙර කෙදිනකවත් නොතිබූ බවයි.

ඒ, අනුව කිසිවෙකුටත් බදු දැලෙන් රිංගා යාමට ඉඩදී නොමැති බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

අනිවාර්යෙන්ම බදු ගෙවිය යුතු පෞද්ගලික පාසැල්, පෞද්ගලික උපකාරක පංති, මහා පරිමාණ පෞද්ගලික වෛද්‍ය සේවා සපයන ආයතන, ඉංජිනේරු සේවා, නීතිඥ සේවා, මිනින්දොරු සේවා ආදී ක්ෂේත්‍රවලින් බදු අය නොකරන බවට ඇතමුන් සඳහන් කළ ද පසුගිය වසරේ සිට අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු බවට අලුතින් ගෙන ආ ක්ෂේත්‍රයන් 14ට පෙරකී ව්‍යාපාර ක්ෂේත්‍ර සියල්ල ඇතුළත් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ, අනුව එම ක්ෂේත්‍රවලට අදාළව ලියාපදිංචි වූ අයගේ ආදායම් පිළිබඳ දැඩි විමර්ශනයක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන යන බව ද ඔහු සඳහන් කළේ.

කෙටි කලක් තුළ දළ දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂව 8.3 % කට පහත වැටී තිබූ රාජ්‍ය ආදායම 11% ඉක්ම වූ අගයකට ගෙන ඒමට හැකි වූයේත් එමගින් ප්‍රාථමික ගිණුමේ ධන ශේෂයක් පවත්වා ගැනීමට හැකිවූයේ, පෙරකී ක්ෂේත්‍රයන් පිළිබඳව දැඩි විමර්ෂණයක් සිදුකර ඒවායේ ආදායම එකතු කර ගත් නිසා බව ද අමාත්‍යවරයා එහිදී කර සිටියා.

ඇතැම් ව්‍යාපාරවල තමන්ගේ නිසි ආදායම අවප්‍රමාණය කර පෙන්වීමටත්, වියදම අධි ප්‍රමාණය කර පෙන්වීමටත් ඇති යම් යම් අවස්ථා සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ස්වයං කරුණු ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාවල තිබෙන යම් යම් අඩුපාඩු තවදුරටත් නිවැරදි කිරීම අවශ්‍ය බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටි අතර , ඒ සඳහා රැමිස් ව්‍යාපෘතිය සෑම තැනකටම ව්‍යාප්ත කරමින් පවතින බව ද පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10