AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරියටත් රනිල්ට සහාය දෙන හේතුව බැසිල් කියයි (වීඩියෝ)

රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කරන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, බැසිල් රාජපක්ෂ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී, රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන දිවියට විසි හත් වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන්, කළුතර පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන දිවියට වසර 27ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කළුතර දුම්රිය පොළ ක්‍රීඩාංගනයේ දී ඊයේ (06) පස්වරුවේ උත්සවයක් සංවිධාන කර තිබුණා.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.

ඊට අමතරව, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරුන් මෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
16
+1
3
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?