AFC Banner
Empty Ad
Empty Ad

‘ගල්ගමුවේ චන්ඩි’ සටනකින් පසු මිය ගිහින්

‘ගල්ගමුවේ චන්ඩි’ නමින් ප්‍රසිද්ධියට පත් තනි දළ ඇතා කුරුණෑගල, කදුරුවැව වැවේ මියගොස් සිටියේ දී සොයාගෙන තිබෙනවා.

තවත් ඇතෙකු සමඟ ඇතිකරගත් ගැටුමකින් පසු බරපතළ තුවාල ලැබීමෙන් අනතුරුව මෙම ඇතා මෙලෙස මියගොස් ඇති බවයි වනජීවී නිලධාරීන් සැකපළ කරන්නේ.

එම ගැටුමෙන් මෙම සත්වගේ දකුණු අතට දරුණු තුවාල සිදු වී ඇති බවට නිරීක්ෂණය වූ බවයි වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

මියගිය ‘ගල්ගමුවේ චන්ඩි’ නැමැති මෙම ඇතා වයස අවුරුදු 50-55 අතර වයසේ පසුවන අතර, ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (06) දිනයේ සිදු කිරීමට නියමිතයි.

මෙම ඇතා ගල්ගමුව ප්‍රදේශයේ ජනතාවගේ ආදරයට පත්ව සිටි සත්වයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
0
+1
9
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?