ප්‍රවීණ හා ජ්‍යේෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදී සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යේෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට ශ්‍රව්‍ය මාධ්‍යයේ රන් සලකුණක් ලෙස සැලකෙන ප්‍රවීණ මාධ්‍යවේදිනියක් ලෙසයි ජයතිලක මහත්මිය සැලකෙන්නේ.

වර්ෂ 1963 දෙසැම්බර් 14 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ජනගත වන මෙරට බාල – මහලු භේදයකින් තොරව ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි කතාංගයක් වන ‘හඳ මාමා’ වැඩසටහනෙන් ශ්‍රාවකයා වැළඳගත් ‘හඳ නැන්දා’ ගේ චරිතයේ හඬට පණ දුන්නේ ද මැයයි.

1953 මැයි 24 වැනි දා මෙරට සම්මානිත කෘතහස්ත ලේඛකයෙකු වන කේ. ජයතිලකයින් සමග විවාහ වන සුමනා මහත්මිය දරුවන් සිව් දෙනෙකුගේ ආදරණීය මවක්.

මීට අමතර ව ඇය 1997 දී ගුවන් විදුලි සේවයෙන් විශ්‍රාම යාමට පූර්වයෙන් එහි ළමා හා කාන්තා අංශයේ අතිරේක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරමින් සිටි අතර රුහුණු සේවය, මහනුවර සේවය ආදී ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන්වල වැඩසටහන් පාලකවරිය ලෙසට ද සිය සක්‍රීය මාධ්‍ය මෙහෙවර ඉටු කළ විශිෂ්ට චරිතයක් ලෙසට ද ගෞරවයට පාත්‍ර වුණා.

සුමනා ජයතිලකයන් යනු ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක් සිය මව් රටට හඬ පෞරුෂයෙන් දිනා දුන් මාධ්‍යවේදිනියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03