AFC Banner
Empty Ad
Empty Ad

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගෙන් චීනයට චෝදනාවක්

සීතල යුද්ධයෙන් පසු යුරෝපයේ බරපතළ ම ආරක්ෂක තර්ජනයට චීනය ඉන්ධන සපයන බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චෝදනා කරනවා.

යුක්‍රේන ආක්‍රමණයේදී චීනය රුසියාවට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය චීනයේ අසල්වැසි ආසියානු රටවලටද බලපානු ඇතැයි රාජ්‍ය ලේකම්වරයා අනතුරු අඟවනවා.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මේ අදහස් පල කරන්නේ වොෂින්ටනයේ දී නේටෝ සමුලුව තවත් දින 5කින් ආරම්භ වීමට නියමිත පසුබිමකයි.

ඔහු මෙම අදහස් පළ කළේ වොෂින්ටනය පදනම් කරගත් චින්තන පර්ෂදයක් වන Brookings ආයතනයේ පැවති හමුවකදී.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය සහ දකුණු කොරියාව ඉන්දු-පැසිෆික් කලාපයේ නේටෝවේ හවුල්කරුවන් වන අතර ජූලි 9 වනදා ආරම්භ වන සමුළුවට ඔවුන් සහභාගී වනවා.

සාමාජික රටවල් 32 ක නායකයින් ⁣තෙදින සමුළුවට සහභාගී වනු ඇති.

ස්වීඩනය ආරක්ෂක සන්ධානයට සම්බන්ධ වීමෙන් පසු පැවැත්වෙන පළමු රැස්වීම මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?