spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

මොරල්ලෙකුගේ පහරදීමකින් ධීවරයෙකු මරුට

මසුන් ඇල්ලීමට මුහුදු ගිය ධීවරයෙකුට විෂ සහිත මොරල්ලෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම ධීවරයා ඊයේ (02) යාපනය – ගුරුනර් ධීවර ජැටියෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

මියගිය ධීවරයා ධීවර කටයුතුවල නියැලෙමින් සිටින අතරතුරදියි මොරල්ලෙකු මෙම ප්‍රහාරය ඔහුගේ ගෙලට සිදු කර ඇති බවට යාපනය පොලිසිය සඳහන් කළේ.

මෝරල්ලගේ තුඩින් එල්ල වූ ප්‍රහාරයෙන් එම ධීවරයාගේ ගෙල සිදුරු වී බරපතළ තත්ත්වයෙන් පසුවීමෙන් පසුව ඔහු සමග මුහුදු ගිය සෙසු ධීවරයින් ද තුවාල ලැබූ ධීවරයා ව ගොඩබිමට රැගෙනවිත් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් වූ ගුරුනගර් 05 වන පටුමගේ පදිංචි මයිකල් කොලින් ඩිනෝ නමැති අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?