මොරල්ලෙකුගේ පහරදීමකින් ධීවරයෙකු මරුට

මසුන් ඇල්ලීමට මුහුදු ගිය ධීවරයෙකුට විෂ සහිත මොරල්ලෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම ධීවරයා ඊයේ (02) යාපනය – ගුරුනර් ධීවර ජැටියෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

මියගිය ධීවරයා ධීවර කටයුතුවල නියැලෙමින් සිටින අතරතුරදියි මොරල්ලෙකු මෙම ප්‍රහාරය ඔහුගේ ගෙලට සිදු කර ඇති බවට යාපනය පොලිසිය සඳහන් කළේ.

මෝරල්ලගේ තුඩින් එල්ල වූ ප්‍රහාරයෙන් එම ධීවරයාගේ ගෙල සිදුරු වී බරපතළ තත්ත්වයෙන් පසුවීමෙන් පසුව ඔහු සමග මුහුදු ගිය සෙසු ධීවරයින් ද තුවාල ලැබූ ධීවරයා ව ගොඩබිමට රැගෙනවිත් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් වූ ගුරුනගර් 05 වන පටුමගේ පදිංචි මයිකල් කොලින් ඩිනෝ නමැති අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30