2025 වසරේ දී කොළඹ වරාය හරිත වරායක් බවට පත්වෙයි

එළඹෙන වසරේ දී කොළඹ වරාය පර්යන්තය හරිත වරායක් බවට පත් කරන බව වරාය හා නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල පවසනවා.

ලෝකයේ රටවල තිබෙන ප්‍රධාන වරායන් මේ වනවිට හරිත වරායන් බවට පත් කිරීමේ ක්‍රියාදාමය ඇරඹී ඇති බැවින් ශ්‍රී ලංකාව ද කඩිනමින් ඊට අනුගත විය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

හරිත වරාය සංකල්පය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව ලෝකයේ ප්‍රධාන රටක් වන චීනය රජය ලක් රජයට අදාළ තාකණය ලබාදීමට සිය කැමැත්ත පළ කර ඇති බව ද පැවසුවා.

චීනයේ ෂැංහායි නාගරික ප්‍රවාහන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වන වොන්ග් ෂියාඕ ජී ඇතුළු නියෝජිත පිරිසක් සහ වරාය අමාත්‍යවරයා අතර ඊයේ (02) පැවති සාකච්ඡාවකදීයි මේ බව අනාවරණය වූයේ.

මෙම විශේෂ සාකච්ඡාවේ දී දෙපාර්ශ්වය විසින් වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ දෙරටට බලපාන ගැටලු පිළිබඳ ව සාකච්ඡා කර ඇති බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21