spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

2025 වසරේ දී කොළඹ වරාය හරිත වරායක් බවට පත්වෙයි

එළඹෙන වසරේ දී කොළඹ වරාය පර්යන්තය හරිත වරායක් බවට පත් කරන බව වරාය හා නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල පවසනවා.

ලෝකයේ රටවල තිබෙන ප්‍රධාන වරායන් මේ වනවිට හරිත වරායන් බවට පත් කිරීමේ ක්‍රියාදාමය ඇරඹී ඇති බැවින් ශ්‍රී ලංකාව ද කඩිනමින් ඊට අනුගත විය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

හරිත වරාය සංකල්පය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව ලෝකයේ ප්‍රධාන රටක් වන චීනය රජය ලක් රජයට අදාළ තාකණය ලබාදීමට සිය කැමැත්ත පළ කර ඇති බව ද පැවසුවා.

චීනයේ ෂැංහායි නාගරික ප්‍රවාහන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වන වොන්ග් ෂියාඕ ජී ඇතුළු නියෝජිත පිරිසක් සහ වරාය අමාත්‍යවරයා අතර ඊයේ (02) පැවති සාකච්ඡාවකදීයි මේ බව අනාවරණය වූයේ.

මෙම විශේෂ සාකච්ඡාවේ දී දෙපාර්ශ්වය විසින් වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ දෙරටට බලපාන ගැටලු පිළිබඳ ව සාකච්ඡා කර ඇති බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?