Update – මහනුවර අධිකරණයේ බෝම්බ බියක් (වීඩියෝ)

මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් අනුව අද (02) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ, අනුව බෝම්බ නිෂ්ක්‍රිය අංශය, ගිනි නිවන හමුදාව සහ පොලිසිය අධිකරණ සංකීර්ණයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී අධිකරණ සංකීර්ණයේ සිටි සියලුම පිරිස් ඉන් ඉවත්කර විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් අධිකරණ සංකීර්ණ භූමියෙන් බෝම්බයක් බවට සැකකළ හැකි කිසිවක් හමු නොවූ බවයි මහනුවර පොලිසිය සඳහන් කළේ.

මේ අතර 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට එම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා තිබෙනවා.

Update – 2024-07-02, 10.57 AM

බෝම්බ බියක් හේතුවෙන් මහනුවර අධිකරණ සංකිර්ණයේ අද (02) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, හේතුවෙන් අධිකරණ භූමියේ විශේෂ සෝදිසි මෙහෙයුමක් අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01