AFC Banner
Empty Ad
Empty Ad

Update – මහනුවර අධිකරණයේ බෝම්බ බියක් (වීඩියෝ)

මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් අනුව අද (02) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ, අනුව බෝම්බ නිෂ්ක්‍රිය අංශය, ගිනි නිවන හමුදාව සහ පොලිසිය අධිකරණ සංකීර්ණයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී අධිකරණ සංකීර්ණයේ සිටි සියලුම පිරිස් ඉන් ඉවත්කර විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් අධිකරණ සංකීර්ණ භූමියෙන් බෝම්බයක් බවට සැකකළ හැකි කිසිවක් හමු නොවූ බවයි මහනුවර පොලිසිය සඳහන් කළේ.

මේ අතර 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට එම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා තිබෙනවා.

Update – 2024-07-02, 10.57 AM

බෝම්බ බියක් හේතුවෙන් මහනුවර අධිකරණ සංකිර්ණයේ අද (02) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, හේතුවෙන් අධිකරණ භූමියේ විශේෂ සෝදිසි මෙහෙයුමක් අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?