නව බස් ගාස්තු මෙන්න

වාර්ෂිකව සිදුකරන බස් ගාස්තු සංශෝධනය අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට 5.07% කින් බස් ගාස්තුව අඩුවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පැවසුවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) දහවල් පැවැත් වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඒ, අනුව නව සාමාන්‍ය සේවා ගාස්තු චක්‍රය ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

3
2