හෙට දිනයේ බස් ගාස්තු අඩුවීමක් නැහැ – ගැමුණු විජේරත්න

එකඟ වූ පරිදි හෙට (01) දිනයේ දී බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (30) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

බස් ගාස්තු අඩු කිරීම අදාළ නිර්ණායකයන් සහ අදාළ සටහන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් රථවලට ලබාදීමට කටයුතු කර නොමැති බවයි ඔහු පවසන්නේ.

මේ හේතුවෙන් හෙට (01) දිනයේ සිට බස් ගාස්තු අඩු කිරීමක් සිදුකළ නොහැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව හෙට (01) දිනයේ නව බස් ගාස්තුව ක්‍රියාත්මක නොවන බවයි ඔහු පැවසුවේ.

මේ අතර බස් ගාස්තු අඩුවීම අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

හෙට (01) දිනයේ සිට 5%ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමට පසුගිය සිකුරා පැවති සාකච්ච්ඡාවකින් අනතුරුව බස් සංගම් එකඟ වී තිබුණා.

ඒ, අනුව රුපියල් 30.00ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 28.00ක් දක්වා රුපියල් දෙකකින් අඩුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23