ශ්‍රී ලංකාවට එන බංගලාදේශ ටෙස්ට් සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන බංගලාදේශ කණ්ඩායම නම් කර තිබෙනවා.

නව ක්‍රීඩකයින් තිදෙනෙකු සමඟින් නම් කර ඇති මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් සංඛ්‍යාව 21ක්.

සෞම්‍ය සර්කාර්, හසන් මහමූඩ් සහ මුස්ටෆිර් රහමාන් යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් කර නැහැ.

එමෙන්ම ඉන්දිය ප්‍රිමීයර් ලීග් තරගාවලියට සහභාගී වීම හේතුවෙන්, තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් මෙම තරගාවලියෙන් ඉවත්වීමටයි තීරණය කළේ.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අප්‍රේල් මස 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?