AFC Banner
Empty Ad
Empty Ad

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය අද (30) අලුයම් කාලයේ පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ශවනයට බාධා එල්ල වී තිබුණා.

රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම ගලබඩ සහ ඉගුරුඔය දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි 93/40 සැතපුම් කණුව අසල දී මෙලෙස පීලි පැනීමට ලක්ව තිබූ බවයි වාර්තා වුණේ.

පීලි පැනීමට ලක් වු දුම්රියේ එන්ජිම නාවලපිටිය සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් පීලිගත කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?