රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කරුවලගස්වැව, 07 කණුව මී ඔය පාලම ආසන්නයේ දී අද (29) අලුයම ඔහු ගමන්ගත් මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු යශෝධ රංගේ බණ්ඩාර පුත්තලම අධිකරණය වෙත මේ වනවිට ඉදිරිපත්කර ඇති බවයි කරුවලගස්වැව පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?