ඉන්දියාවේ නව දිල්ලි ගුවන් තොටුපොළේ වහළයක් අද (28) පෙරවරුවේ කඩා වැටීමෙන් අනතුරක් සිදු වුණා.
මෙම අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලැබුවා.
දිල්ලි ගුවන් තොටුපොළේ පර්යන්තය 1 වහල කඩා මෙලෙස කඩා වැටි ඇත්තේ පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මාධ්‍යයේ යි.
ලොව කාර්ය බහුල ගුවන්තොටුපොළවල වලින් එකක් වන නව දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළේ සිදු වූ මෙම අනතුර නිරීක්ෂණ සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම් මොහාන් නායිදු පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙම අනතුරින් මියගිය අය වෙනුවෙන් ලක්ෂ 20ක වන්දියක් සහ තුවාල ලැබූවන් සඳහා ලක්ෂ 03ක වන්දි මුදලක් ලබාදීමට තිරය කර තිබෙනවා.
අනතුර හේතුවෙන් එම ගුවන් තොටුපොළේ ගුවන් මෙහෙයුම් සදහා දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.