මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිර්දේශ චීනය ප්‍රතික්ෂේප කරයි

එහි නරක අතට හැරෙන මානව හිමිකම් අර්බුදය ආමන්ත්‍රණය කිරීම අරමුණු කරගත් බොහෝ නිර්දේශ චීනය ප්‍රතික්ෂේප කිරීම මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

මෙම ජනවාරි මස මුල දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වන ලද විශ්ව කාලාන්තර සමාලෝචනයේ (UPR) නිර්දේශයන්ට ජූනි 11දා චීන ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරය, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් කෙරෙහි බීජිනය නොසලකා හැරීමේ පැහැදිලි ප්‍රදර්ශනයක් ලෙස සැලකෙනවා.

විශ්ව කාලාන්තර සමාලෝචනය යනු එක් එක් රටවල මානව හිමිකම් වාර්තාව තක්සේරු කිරීම සඳහා සෑම වසර හතරකට හෝ පහකට වරක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක්ම සමත් විය යුතු පරීක්ෂණයක් ලෙස සැලකිය හැකියි.

මෑත සමාලෝචනයේ දී, චීනය නිර්දේශ 428න් 290ක් පිළිගෙන ඇති අතර, නිර්දේශ 98ක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත්, පිළිගත් නිර්දේශ කිසිවක් මානව වර්ගයාට එරෙහි අපරාධ, වධහිංසා පැමිණවීම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ මානව හිමිකම් ආරක්ෂකයින්ට සහ මාධ්‍යවේදීන්ට හිංසා කිරීම වැනි එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් උපුටා දක්වන ලද දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා සම්බන්ධ ඒවා නොවෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් 50කට අධික සංඛ්‍යාවක් චීනය මානව හිමිකම්වලට ගරු කරන බව සහ එහි ජාත්‍යන්තර බැඳීම්වලට අවනත වන බව සහතික කිරීම සඳහා සාමූහික හා තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටිනවා.

චීනය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසියක් පැවැත්වීම සහ චීනයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ව වාර්ෂිකව නිරීක්ෂණය කිරීම සහ වාර්තා කිරීම සඳහා අපක්ෂපාතී සහ ස්වාධීන එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මෙයට ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?