මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිර්දේශ චීනය ප්‍රතික්ෂේප කරයි

එහි නරක අතට හැරෙන මානව හිමිකම් අර්බුදය ආමන්ත්‍රණය කිරීම අරමුණු කරගත් බොහෝ නිර්දේශ චීනය ප්‍රතික්ෂේප කිරීම මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

මෙම ජනවාරි මස මුල දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වන ලද විශ්ව කාලාන්තර සමාලෝචනයේ (UPR) නිර්දේශයන්ට ජූනි 11දා චීන ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරය, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් කෙරෙහි බීජිනය නොසලකා හැරීමේ පැහැදිලි ප්‍රදර්ශනයක් ලෙස සැලකෙනවා.

විශ්ව කාලාන්තර සමාලෝචනය යනු එක් එක් රටවල මානව හිමිකම් වාර්තාව තක්සේරු කිරීම සඳහා සෑම වසර හතරකට හෝ පහකට වරක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක්ම සමත් විය යුතු පරීක්ෂණයක් ලෙස සැලකිය හැකියි.

මෑත සමාලෝචනයේ දී, චීනය නිර්දේශ 428න් 290ක් පිළිගෙන ඇති අතර, නිර්දේශ 98ක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත්, පිළිගත් නිර්දේශ කිසිවක් මානව වර්ගයාට එරෙහි අපරාධ, වධහිංසා පැමිණවීම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ මානව හිමිකම් ආරක්ෂකයින්ට සහ මාධ්‍යවේදීන්ට හිංසා කිරීම වැනි එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් උපුටා දක්වන ලද දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා සම්බන්ධ ඒවා නොවෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් 50කට අධික සංඛ්‍යාවක් චීනය මානව හිමිකම්වලට ගරු කරන බව සහ එහි ජාත්‍යන්තර බැඳීම්වලට අවනත වන බව සහතික කිරීම සඳහා සාමූහික හා තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටිනවා.

චීනය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසියක් පැවැත්වීම සහ චීනයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ව වාර්ෂිකව නිරීක්ෂණය කිරීම සහ වාර්තා කිරීම සඳහා අපක්ෂපාතී සහ ස්වාධීන එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මෙයට ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10