AFC Banner
Empty Ad
Empty Ad

අමිතාබ් බච්චන්ට නොදෙවැනි රඟපෑමක රජය නිරත වන බවට සජිත් කියයි (ඡායාරූප)

ජනතාවට රටේ තත්ත්වය ගැන සත්‍ය තොරතුරු වසන් කර රජය අමිතාබ් බච්චන්ට නොදෙවෙනි රඟපෑමක නිතර වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ලොව හොඳම සිනමා ශිල්පීන් බවට පත් වන්නේ සිනමාකරුවන් වුව ද, අප රටේ හොඳම රංගන ශිල්පීන් වී ඇත්තේ පාලකයින් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (26) ගම්පහ – වත්තල තෙළඟපාත ශ්‍රී රත්නපාල මහා විද්‍යාලයට සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනට එක්වෙමින්.

මෙය සක්වළ වැඩසටහන යටතේ ක්‍රියාත්මක 263 වැනි වැඩසටහනයි.

ඒ යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ උත්සවය ඊයේ පැවත්වුණා.

මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමේ කණ්ඩායමේ දූ දරුවන්ට ඇඳුම් ලබා ගැනීම සඳහා ද පාසල් සංවර්ධන ගිණුමට රු. 100,000ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කෙරුණු බවයි විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කළේ.

WhatsApp Image 2024 06 27 at 12.13.46
WhatsApp Image 2024 06 27 at 12.13.45
WhatsApp Image 2024 06 27 at 12.13.44 1
WhatsApp Image 2024 06 27 at 12.13.43 1
WhatsApp Image 2024 06 27 at 12.13.42 1
WhatsApp Image 2024 06 27 at 12.13.41
WhatsApp Image 2024 06 27 at 12.13.40 2
WhatsApp Image 2024 06 27 at 12.13.40
WhatsApp Image 2024 06 27 at 12.13.41 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?