ණය ප්‍රතිව්‍යූහගතකරණ ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් තබයි

ශ්‍රී ලංකාව මෙරට ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ නිල කමිටුව සමග ණය ප්‍රතිව්‍යූහගතකරණයකට එකඟ වී තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර (26) ප්‍රංශයේ පැරිස් නුවර දී මෙම එකඟතාවට පැමිණ ඇති බවත්; ඊට අදාළ ණය ගිවිසුම අත්සන් තබා ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව මෙම නව ගිවිසුම මගින් අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යූහගතකරණයක් සිදු වනු ඇති.

මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට වඩාත් යහපත් ආර්ථිකයක් කරා යාමට අවශ්‍ය ආර්ථික පසුබිම ගොඩනැගෙන බව ද සඳහන්.

නව ගිවිසුමට අත්සන් තැබීම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගේ නියෝජනයෙන් සිදු කෙරුණා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ; මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙන් ම අත්‍යවශ්‍ය මහජන සේවා සඳහා ද අද දිනයේ දී එළඹුණු මෙම ගිවිසුම මගින් අවස්ථාව උදාවනු ඇති.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 පැරිස් සංසදයට සමගාමී ව ශ්‍රී ලංකාව සහ නිල ණයකරුවන්ගේ කමිටුව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මෙලෙස අවසන් එකඟතාවට පැමිණ ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ චීනයේ අපනයන ආනයන බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාවලියක ද නිරත සිටින බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන්, මෙම ක්‍රියාවලියට නායකත්වය දුන් නිල ණයකරුවන්ගේ කමිටුවේ සභාපතිවරුන් වන ප්‍රංශය, ඉන්දියාව සහ ජපානයට මෙන් ම චීනයේ අපනයන ආනයන බැංකුවට මෙන් ම ඔවුන්ගේ නොසැලෙන සහයෝගය සඳහා නිල ණයකරුවන්ගේ කමිටු සාමාජිකයින්ට අවංකව ම ස්තුතිය පළ කරන බවයි මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ණය අර්බුදයට විසඳුමක් සෙවීමට සහ මෙම වැදගත් සන්ධිස්ථානය සාක්ෂාත් කර ගැනීමට කමිටු ලේකම් කාර්යාලයේ කැපවීම පිළිබඳ ප්‍රශංසා එක් කරන අතර එය මෙරට ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කරන සහ වර්ධනයට හේතු වන බව ද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40