ගුද මාර්ගයේ සහ බෑග්වල හංගා ගෙනා රත්‍රං ජෙල් ගුලි සමග 06ක් අල්ලයි

නීතිවිරෝධී ලෙස ‘රත්‍රං’ ජෙල් ගුලි වශයෙන් සකසා ඒවා තම සිරුරුවල ගුද මාර්ගයේ සහ ගමන් මළු තුළ සූක්ෂ්ම ලෙසින් සඟවා මෙරටට රැගෙන ඒමේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ශ්‍රී ලාංකිකයින් සයදෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවා.

මෙලෙස ගෙන ආ රත්‍රං ජෙල් ගුලිවල වටිනාකම රුපියල් කෝටි 18ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ඊයේ (25) රාත්‍රියේ දී මොවුන් ව අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කල්මුණේ, මූතූර්, කොළඹ – 10, කළගෙඩිහේන සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30 ත් – 50ත් අතර පසුවන, නිතර ගුවන් ගමන්වල නිරත වන පුද්ගලයන් සයදෙනෙක් බවත් හෙළි ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මොවුන් ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ එතැන් සිට ඊයේ පස්වරු 01.20 ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1175 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම පුද්ගලයන් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර (Scan Test) පරීක්ෂා කිරීම්වලට යොමු කිරීමෙන් පසුව අත්අඩංගුවට ගැනීම සිදු කළ බවත් වාර්තා වනවා.

මොවුන් අතරින් පුද්ගලයන් සිව්දෙනෙකු මෙම රත්තරන් ජෙල් අඩංගු ගුලි සිය සිරුරුවල ගුද මාර්ග තුළත්, තවත් දෙදෙනෙකු තම ගමන් මළු තුළත් මෙම රත්තරන් ජෙල් කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 632 ක් සඟවා ගෙන තිබූ බවයි හෙළි ව ඇත්තේ.

සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නි‍යමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39