ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී සිදු වූ අනතුරකින් පසු තුවාල ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදා සෙබළෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම නාවික හමුදා සෙබළා මුහුද මැද දී සිදු වූ අනතුරින් පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
අදාළ නාවික හමුදා සෙබළා යාත්‍රා දෙක අතරට ඇද වැටී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
7
+1
1
+1














