ඕස්ට්‍රේලියා, බංගලි බලාපොරොත්තු සුන්කරමින් ඇෆ්ගනිස්ථානය සෙමි ෆයිනල් දොර ඇරගනී

ලෝක කුසලාන 20-20 තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව තියුණු සටනකින් පසු හිමිකර ගන්නට පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද (25) සමත් වුණා.

ඒ, සුපිරි 08 දෙනාගේ වටයේ බංග්ලාදේශයට එරෙහිව කිංග්ස්ටවුන් හිදී පැවති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 08කින් ජයගැනීමත් සමඟයි.

ඇෆ්ගනිස්ථානය ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.

මෙම තරගය ඇෆ්ගනිස්ථානය ජය ගැනීමත් සමඟ බංග්ලාදේශයට සහ ඕස්ට්‍රේලියාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසිමට තිබූ අවස්ථාව මඟ හැරී ගියා.

අද තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 115ක් රැස් කළා.

බංග්ලාදේශ කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ලකුණු 116ක ඉලක්කය පන්දුවාර 12යි එක් පන්දුවක් තුළ සපුරා ගත යුතුව තිබුණා.

අනතුරුව බංග්ලාදේශ පිළිතුරු ඉනිම ආරම්භ කළ අතර, ඊට අවස්ථා කිහිපයක දී වර්ෂාවන් බාධා එල්ල වුණා.

කෙසේ වෙතත් ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමට ලැබී තිබූ පන්දුවාර 12යි එක් පන්දුවක් තුළ ලකුණු 116ක ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

ඒ, හේතුවෙන් බංග්ලාදේශයට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවසන් අවස්ථාව ගිලිහී ගියා.

කෙසේ වෙතත් බංග්ලාදේශ පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය ජයග්‍රහණය සඳහා ඔවුන්ට පන්දුවාර 19ක් තුළ ලකුණු 114ක ඉලක්කයක් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ ඉනිම පන්දුවාර 17යි පන්දු 05ක් තුළ ලකුණු 105කට සීමා කරන්නට ඇෆ්ගනිස්ථාන පන්දු යැවීමේ බලඇණියට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින් - අපිට ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා
04:01
Video thumbnail
මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ මේවා කරන්න ද.. අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58