AFC Banner
Empty Ad
Empty Ad

කණ්ඩායම් 03ක ඉරණම තීරණයවන තීරණාත්මක තරගය ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශ අතර

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපර් 08 වටයේ තවත් තීරණාත්මක තරගයක් මේ වනවිට ක්‍රියාත්මකයි.

පෙරළිකාර ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වෙන්නේ කිංග්ස්ටවුන් හිදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථානය මේ වනවිට පළමුව පන්දුවට පහර දෙනවා.

සුපිරි 08 වටයෙන් අවසන් පූර්ව වටයට යන අවසන් කණ්ඩායම තීරණය කරන මෙම තරගය ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශයට මෙන්ම ඕස්ට්‍රේලියා කණ්ඩායමටත් ඉතා තීරණාත්මක තරගයක් වනවා.

මෙම තරගයෙන් ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කළහොත් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අතර, බංග්ලාදේශය මෙම තරගය ජයගතහොත් දළ ලකුණු වේගය අනුව කණ්ඩායම් තුනෙන් සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය වනවා.

එසේ නොවුණහොත් දළ ලකුණු වේගය මත ඇෆ්ගනිස්තානය ද, නැතිනම් ඕස්ට්‍රේලියාව ද යන්න තීරණය වනු ඇති.

ඉන්දියාව සමඟ ඊයේ පැවති තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය වුවත් ඔවුන් තවමත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
12
+1
4
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?