AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය පිළේ එළඹෙන තරග සංචාරයේ දී නායකත්වයේ කටු ඔටුන්න ගිල්ට

එළඹෙන ජුලි මාසයේ ඉන්දීය කාණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට එක්වීම සූර්යකුමාර් යාදව් සහ හර්දික් පාණ්ඩ්‍යා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ශුබ්මන් ගිල්ට හ්මිවනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

විරාත් කෝලි, රෝහිත් ෂර්මා, රවීන්ද්‍ර ජඩේජා සහ ජස්ප්‍රිත් බුම්රා වැනි ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු විවේක ගැන්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් සිම්බාබ්වේ තරගාවලිය සඳහා ඉන්දීය නවකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් එක්වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර පසුගිය වසරක පමණ කාලය තුළ, රෝහිත් ශර්මා නොමැති අවස්ථාවල දී හර්දික් ඉන්දියාවේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලැබුවා.

2023 ලෝක කුසලානයෙන් පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ පහකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේදී සූර්යකුමාර් ඉන්දියාවට නායකත්වය ලබාදුන් අතර මොවුන් දෙදෙනා ද ඉන්දියාවේ පූර්ණ කාලීන නායකත්ව අපේක්ෂකයින් ලෙස ඉදිරියෙන් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
14
+1
2
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?