AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රධාන පුහුණුකරු ධුරයට එන ගාම්භීර්ගෙන් කොන්දේසි 05ක් – ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් හතරකට රතුඑළි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා සුදුසුකම් ලබා සිටින ගෞතම් ගාම්භීර් පසුගිය සතියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් උපදේශක කමිටුව විසින් සම්මුඛ සාකච්ඡාවකට ලක් කර තිබෙනවා.

මෙහිදී ගාම්භීර් විසින් ඔහුගේ කොන්දේසි කිහිපයක් ක්‍රිකට් උපදේශක කමිටුව ඉදිරිපත් කර ඇති බවයි ආරංචි මාර්ගය සඳහන් කරන්නේ.

ඒ, අනුව මෙම සම්මුඛ සාකච්ඡාවේදී ගාම්භීර් විසින් කොන්දේසි පහක් ඉදිරිපත්කර තිබෙනවා.

පාලක මණ්ඩලයේ කිසිදු බාධාවකින් තොරව තමන්ට කණ්ඩායමේ ක්‍රිකට් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට අවස්ථාව ලබාදීම එහි පළමු කොන්දේසිය වනවා.

ගාම්භීර්ගේ දෙවන කොන්දේසිය වී ඇත්තේ පිතිකරණය, පන්දු රැකීම සහ පන්දු යැවීමේ පුහුණුකරුවන් ඇතුළු ඔහුගේම සහායක කාර්ය මණ්ඩලය තෝරා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවයි.

තෙවන කොන්දේසිය ලෙස ඔහු ඉදිරිපත්කර ඇත්තේ 2025 වසරේ දී පාකිස්ථානයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලානය කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් හතර දෙනෙකුට අවසන් අවස්ථාව විය යහි බවයි.

විරාත් කෝලි, රෝහිත් ෂර්මා, රවීන්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් ෂාමි මෙම ක්‍රීඩකයින් සිව්දෙනා බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ක්‍රීඩකයින් ඉන්දියාවට තරඟාවලිය ජයග්‍රහණය කිරීමට උදව් කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන් කණ්ඩායමෙන් ඉවත් කරනු ඇති බව ද ගාම්භීර් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ඉවත් කිරීම ආකෘති තුනටම වලංගුවේ ද යන්න පිළිබඳව සඳහනක් කර නැහැ.

කෝලි සහ රෝහිත්ගේ අනාගතය දැනටමත් අවිනිශ්චිත වී ඇති අතර, ගාම්භීර්ගේ නම ඉන්දීය ප්‍රධාන පුහුණුකරු තනතුර සමඟ සම්බන්ධ වී ඇති හෙයින් ප්‍රවීණයන් දෙදෙනා තෝරා ගැනීම සඳහා නොසලකා හැරීම විශාල පුදුමයක් නොවනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

හතරවැනි කොන්දේසිය ලෙස දක්වා ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනම කණ්ඩායමක් ක්‍රීඩා කළ යුතු බවයි.

එමෙන්ම ගාම්භීර් සිය රාජකාරී ආරම්භයේ සිටම 2027 එක්දින ලෝක කුසලානය සඳහා මාර්ග සිතියමක් සකස් කිරීමට පටන් ගන්නා බව ද සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
79
+1
16
+1
344
+1
31
+1
17
+1
19
+1
82
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?