ප්‍රධාන පුහුණුකරු ධුරයට එන ගාම්භීර්ගෙන් කොන්දේසි 05ක් – ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් හතරකට රතුඑළි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා සුදුසුකම් ලබා සිටින ගෞතම් ගාම්භීර් පසුගිය සතියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් උපදේශක කමිටුව විසින් සම්මුඛ සාකච්ඡාවකට ලක් කර තිබෙනවා.

මෙහිදී ගාම්භීර් විසින් ඔහුගේ කොන්දේසි කිහිපයක් ක්‍රිකට් උපදේශක කමිටුව ඉදිරිපත් කර ඇති බවයි ආරංචි මාර්ගය සඳහන් කරන්නේ.

ඒ, අනුව මෙම සම්මුඛ සාකච්ඡාවේදී ගාම්භීර් විසින් කොන්දේසි පහක් ඉදිරිපත්කර තිබෙනවා.

පාලක මණ්ඩලයේ කිසිදු බාධාවකින් තොරව තමන්ට කණ්ඩායමේ ක්‍රිකට් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට අවස්ථාව ලබාදීම එහි පළමු කොන්දේසිය වනවා.

ගාම්භීර්ගේ දෙවන කොන්දේසිය වී ඇත්තේ පිතිකරණය, පන්දු රැකීම සහ පන්දු යැවීමේ පුහුණුකරුවන් ඇතුළු ඔහුගේම සහායක කාර්ය මණ්ඩලය තෝරා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවයි.

තෙවන කොන්දේසිය ලෙස ඔහු ඉදිරිපත්කර ඇත්තේ 2025 වසරේ දී පාකිස්ථානයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලානය කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් හතර දෙනෙකුට අවසන් අවස්ථාව විය යහි බවයි.

විරාත් කෝලි, රෝහිත් ෂර්මා, රවීන්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් ෂාමි මෙම ක්‍රීඩකයින් සිව්දෙනා බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ක්‍රීඩකයින් ඉන්දියාවට තරඟාවලිය ජයග්‍රහණය කිරීමට උදව් කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන් කණ්ඩායමෙන් ඉවත් කරනු ඇති බව ද ගාම්භීර් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ඉවත් කිරීම ආකෘති තුනටම වලංගුවේ ද යන්න පිළිබඳව සඳහනක් කර නැහැ.

කෝලි සහ රෝහිත්ගේ අනාගතය දැනටමත් අවිනිශ්චිත වී ඇති අතර, ගාම්භීර්ගේ නම ඉන්දීය ප්‍රධාන පුහුණුකරු තනතුර සමඟ සම්බන්ධ වී ඇති හෙයින් ප්‍රවීණයන් දෙදෙනා තෝරා ගැනීම සඳහා නොසලකා හැරීම විශාල පුදුමයක් නොවනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

හතරවැනි කොන්දේසිය ලෙස දක්වා ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනම කණ්ඩායමක් ක්‍රීඩා කළ යුතු බවයි.

එමෙන්ම ගාම්භීර් සිය රාජකාරී ආරම්භයේ සිටම 2027 එක්දින ලෝක කුසලානය සඳහා මාර්ග සිතියමක් සකස් කිරීමට පටන් ගන්නා බව ද සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
80
+1
16
+1
344
+1
31
+1
17
+1
19
+1
82
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08