රුසියාවේ උසස් අධ්‍යාපනය පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

රුසියාවේ උසස් අධ්‍යාපනය ලබාදෙන බව පවසා සංචාරක වීසා යටතේ එරටට ශ්‍රී ලංකාවේ සිසුන් රැගෙන ගොස්, ඔවුන්ගේ මුදල් වංචානික ව ලබාගත් පුද්ගලයෙකු මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (20) රාත්‍රියේ දී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

32 හැවිරිදි සැකකරු වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු කටාන ප්‍රදේශයේ සිසුවෙකු ව රුසියාවේ උසස් අධ්‍යාපනය සදහා යවන බව පවසා රුපියල් විසි එක් ලක්ෂ අනූ පන් දහසක මුදලක් වංචා කිරීම පිළිබඳ මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත සිදු කර තිබූ පැමිණිල්ලකට අදාළ ව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගෙන තිබූ ගුවන් ගමන් තහනමක් උපයෝගී කර ගනිමින් මොහු රුසියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී‍යි කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබූ පැමිණිල්ලට අමතර ව මොහුට එරෙහි ව මාතර මූලස්ථානය පොලිසිය වෙත ලැබී තිබූ පැමිණිලි 17ක් , කුලියාපිටිය පොලිසියට ලැබුණු පැමිණිලි 02 ක් ද , කුරුණෑගල පොලිසියට පැමිණිලි 03 ක් ද ,නාරාහේන්පිට පොලිසියට ලැබී තිබූ එක් පැමිණිල්ල ක් ද මතයි දීර්ඝ විමර්ශනයක් සිදු කර සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා මෙසේ රුසියාවට රැගෙන ගිය සිසුවෙකුට පිහියකින් ඇන තුවාල සිදු කිරීම පිළිබඳ එරට පොලිසිය ද මොහුට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමත් සමග, එයින් බේරීම සඳහා අදාළ සැකකරු ඊයේ මෙරටට පලා ඒමේදි අත් අඩංගුවට පත් ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මීගමුව විශේෂ අපරාධ විමර්ශන විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15