‘සහන් පුතා’ බහුදින ධීවර යාත්‍රාවේ දී මැරුම් කෑ ධීවරයාගේ සිරුර ගොඩබිමට

ජුනි මස 09 වැනි දින බේරුවල වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත් ව ගිය ‘සහන් පුතා’ බහුදින ධීවර යාත්‍රාවේ පිරිසක් අතර ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූවන් අද (21) දින බේරුවල වරායට ළඟා වී තිබෙනවා.

මෙම සිදුවීමෙන් එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිදුවීමෙන් මියගොස් ඇත්තේ බේරුවල – රොක්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන 49 හැවිරිදි මාණිකවත්ත කංකානම්ගේ චන්දන උපුල් ශාන්ත ප්‍රනාන්දු නමැත්තෙක්.

අද උදෑසන 11.30ට පමණ ”සහන් පුතා” ධීවර යාත්‍රාව බේරුවල ධීවර වරායට පැමිණි අතර, එහිදී බේරුවල පොලිසිය එම ධීවර යාත්‍රාව පොලිස් භාරයට ගැනුණා.

එහිදී සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ; මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු එම යාත්‍රාවේ සිටි බවත්, ඔහුගෙන්
සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනුණු බවයි.

මෙලෙස පහර දී ඝාතනය කිරීමට හේතුවක් මේ වන විටත් අනාවරණය වී නොමැති බවත් සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බවත් බේරුවල පොලිසිය පවසනවා.

මෙම ගැටුමෙන් එම යාත්‍රාවේ සිටි තවත් තුන්දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර, ඔවුන් ද රෝහල්ගත කිරීමට නියමිතයි.

යාත්‍රාවේ සිටි එහි ක්‍රියාකරු ප්‍රකාශ කරන්නේ මෙම ආරවුලට කිසිදු හේතුවක් ඔවුන් නොදන්නා බවත්; ඔවුන් දෙදෙනා අතර ඇති වූ ගැටුම බේරීම සඳහා උත්සාහ කළ බවත්, එම උත්සහාය ව්‍යාර්ථ වී තමන්ට ද තුවාල සිදු වූ බවයි.

එම පුද්ගලයා මියගිය පසු ඔහුගේ දේහය සුරක්ෂිත මෙම යාත්‍රාවේ කොටසක තැන්පත් කොට ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කළ බව ද හෙතෙම පවසා සිටිනවා.

යාත්‍රාවේ හිමිකරු වන බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ප්‍රකාශ කරන්නේ මෙම ගැටුම 20 වැනි දා අලුයම් කාලයේ සිදු ව ඇති බවත් ඔහුට ඒ පිළිබඳ ව වෙනත් යාත්‍රාවකින් ඇමතුමක් ලැබුණු බවත් ය.

ඒ නිසා ඔහු එම යාත්‍රාවේ සිටි පිරිස විගස ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කළ ද එය අසාර්ථක වී ඇති බවත් ඔහු පොලිසියට පවසා තිබෙනවා.

මෙම යාත්‍රාවේ ගමන් ගත් ධීවරයින් එකිනෙකා හඳුනන පුද්ගලයින් බවත් ඔවුන් ගමන පිටත්වීමට පෙර කිසිදු ආරවුලක් නොතිබූ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටින බවයි පොලිසිය පැවසුවේ.

මෙම ඝාතනය සඳහා යොදාගත් පිහිය ද යාත්‍රාවේ තිබී සොයා ගැනුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු සිදු කරන අතර කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් සහ කළුතර කොට්ඨාස සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39