Saturday, November 9, 2024
Empty Ad
Empty Ad
AFC Banner

පුද්ගලික සමාගමක් නිපද වූ එන්නත් වර්ග 08ක් ගැන අධිකරණයෙන් දුන් නියෝගය

විධිමත් පරීක්ෂණයකට යටත් නොකොට මෙරට පුද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් වර්ග 08 ක් ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් වැඩිදුර විභාගය සඳහා ලබන මස 23 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

සමාජ ක්‍රියාකාරිකයින් දෙදෙනකු වන ප්‍රණීතා. එන්. වර්ණකුලසූරිය සහ දෙව්ෂාන් .පී. බුද්දරගේ යන අය විසින්
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම අද (20) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා කියා සිටියේ ප්‍රශ්නගත අදාළ එන්නත් තවදුරටත් නිෂ්පාදනය වෙමින් පවතින බවත් එම නිසා මෙම පෙත්සම කඩිනමින් විභාගයට ගෙන ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.

එහෙත් වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ අදාළ ඖෂධය පිළිබඳ ව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන මස 23 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියම කළා.

පෙත්සම්රුවන් කියා සිටින්නේ ඖෂධයක් වෙළඳපොළට මුදා හැරීම සඳහා ලියාපදිංචි කිරීමට පෙර එය මාස හයක පරීක්ෂණ කාලයකට යටත් කෙරෙන බවයි.

එහෙත් වග උත්තරකාර යාඩින් ලැබොටරි පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ මොලය ආශ්‍රිත රෝග මෙන්ම නිර්වින්දන කටයුතු සඳහා යොදා ගන්නා එන්නත් වර්ග අටක් එම පරීක්ණ කාලයට යටත් නොකොට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචි කිරීම තුළින් මහජන සෞඛ්‍යයට හානිකර විය හැකි බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා.

එබැවින් අදාළ එන්නත් වර්ග වෙළඳපොළට මුදා හැරීම සඳහා ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව යන්නේ ඒකාධිපති පාලනයකට #npp #akd
06:10
Video thumbnail
අල්ලිරාජාගේ සල්ලිවලින් නැටවුණු ලොක්කෝ මෙන්න - නම් ගම් එක්ක මාධ්‍ය හමුවේ එළියට
07:49
Video thumbnail
අද කිසිම කෙනෙක්ට කෙඳිරිගාන්න අයිතියක් නෑ #akd #npp
03:12
Video thumbnail
හිටපු ජනපතිට තදවෙලා ජාතිය අමතලා අනුරටත් අමතයි
11:28
Video thumbnail
ජනාධිපති දඹුල්ල දෙවනක් කළ සුපිරි කතාව - "ආය මේ ලංකාවේ චණ්ඩින්ට දේශපාලනය නෑ" #akd #npp
05:27
Video thumbnail
ඇමති විජිත තනියම හයිය පෙන්නපු හැටි
01:38
Video thumbnail
සජිත්ට කඳුළු පනින්න අමතයි - මේ කතාවනම් - සැර වැඩිද මන්දා #sajithpremadasa #election2024
05:51
Video thumbnail
චී..චී...ඕන් මාලිමාවේ කැත වැඩ අතේ මාට්ටු - බඩු පැකට් - පුහුල් හොරා කරෙන් දැනේ
07:36
Video thumbnail
රංජන්ගේ ෆොටෝ ලීක් වෙයි - මාධ්‍ය හමුවේ සියල්ල එළියට
12:59
Video thumbnail
කොච්චර උගතෙක් උනත් ප්‍රායෝගිත නැත්තන් - සාර්ථක දේශපාලනඥයෙක් නෙවෙයි
02:15

?