කිසිදු දරුවෙකුට දුක් විඳින්න ඉඩ තියන්නේ නෑ – ජනපති (වීඩියෝ)

දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05 – 10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කරන බවත් මේ රටේ කිසිදු දරුවෙකුට දුක් විඳිමට ඉඩ නොතබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (19) පැවති උත්සවයකට එක්වෙමින්.

දරුවන්ට අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනක් ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව කිුයාවට නංවා ඇති අතර එහි සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි.

ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත් කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 5108 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව හා තිළිණ ලබාදීම සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදි එක් අධ්‍යාපන කලාපයකින් 2022 (2023) වර්ෂයේදී අ.පො.ස (උ.පෙළ) හදාරන සිසු දරු දැරියන් 60 බැගින් තෝරාගෙන, කලාප 100ක් ආවරණය වන පරිදි එක් දරුවෙකුට මාසිකව රුපියල් 6,000 බැගින් සිසුන් 6000ක් සඳහා වසර 02ක කාලයකට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම මේ යටතේ සිදු කරනු ලබනවා.

මීට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ජනාධිපති අරමුදල විසින් දිවයිනේ සමස්ත පාසල් 10,126 ආවරණය වන පරිදි 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් සඳහා ද ශිෂ්‍යත්ව වැඩසටහනක්
ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී පාසලක ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව පාදක කරගනිමින් පාසලකට ලබාදෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව තීරණය කර ඇති අතර ඒ අනුව පාසලකට ලැබෙන අවම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 04ක් වන අතර උපරිම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 22ක් වනවා.

2024 අප්‍රේල් මාසයේ සිට මාස 12ක කාලයක් දක්වා එක් දරුවෙකු සඳහා මාසිකව රුපියල් 3000/- බැගින් සිසුන් ලක්ෂයක් සඳහා මේ යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23