කිසිදු දරුවෙකුට දුක් විඳින්න ඉඩ තියන්නේ නෑ – ජනපති (වීඩියෝ)

දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05 – 10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කරන බවත් මේ රටේ කිසිදු දරුවෙකුට දුක් විඳිමට ඉඩ නොතබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (19) පැවති උත්සවයකට එක්වෙමින්.

දරුවන්ට අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනක් ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව කිුයාවට නංවා ඇති අතර එහි සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි.

ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත් කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 5108 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව හා තිළිණ ලබාදීම සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදි එක් අධ්‍යාපන කලාපයකින් 2022 (2023) වර්ෂයේදී අ.පො.ස (උ.පෙළ) හදාරන සිසු දරු දැරියන් 60 බැගින් තෝරාගෙන, කලාප 100ක් ආවරණය වන පරිදි එක් දරුවෙකුට මාසිකව රුපියල් 6,000 බැගින් සිසුන් 6000ක් සඳහා වසර 02ක කාලයකට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම මේ යටතේ සිදු කරනු ලබනවා.

මීට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ජනාධිපති අරමුදල විසින් දිවයිනේ සමස්ත පාසල් 10,126 ආවරණය වන පරිදි 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් සඳහා ද ශිෂ්‍යත්ව වැඩසටහනක්
ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී පාසලක ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව පාදක කරගනිමින් පාසලකට ලබාදෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව තීරණය කර ඇති අතර ඒ අනුව පාසලකට ලැබෙන අවම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 04ක් වන අතර උපරිම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 22ක් වනවා.

2024 අප්‍රේල් මාසයේ සිට මාස 12ක කාලයක් දක්වා එක් දරුවෙකු සඳහා මාසිකව රුපියල් 3000/- බැගින් සිසුන් ලක්ෂයක් සඳහා මේ යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?