පන්දුවාර 20 ක්‍රිකට් කිරුළේ සුපිරි 08 දෙනාගේ තරග වටය හෙටින් ඇරඹෙයි

පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ තරග වටය හෙට (19) සිට ආරම්භ වනවා.

ඒ North Sound, Gros Islet, Bridgetown සහ Kingstown යන සිව් ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගෙනයි.

ඒ අනුව හෙට දිනයේ දී සුපිරි 08 දෙනාගේ තරග වටය ආරම්භ කරමින් පළමු ව දකුණු අප්‍රිකාවට එරෙහි ව අමෙරිකාව තරග බිමට පිවිසෙනවා.

අමෙරිකාව සිය මූලික වටයේ තමන් මුහුණ දුන් තරග 04න් තරග 02ක ජයක් හිමිකරගත් අතර, දකුණු අප්‍රිකාව අපරාජිත ව තවමත් ලෝක කුසලාන තරගාවලියේ රැඳී සිටිනවා.

අමෙරිකාව A කාණ්ඩයෙන් සුපිරි 08 අතරට සුදුසුකම් ලැබූ අතර, D කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව සුදුසුකම් ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?