logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

දියණියන්ගේ නිරුවත විකිණූ මව පොලිස් අත්අඩංගුවට

තම බාලවයස්කාර දැරියන් දෙදෙනාගේ නිරුවත් ඡායාරුප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා වට්ස්ඇප් මාර්ගයෙන් විවිධ පුද්ගලයින්ට යවා මුදල් ලබාගත් මවක් පුදුකුඩිඉරිප්පු පොලිසිය මඟින් පසුගිය 15 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

34 හැවිරිදි සැකකාර මව විසින් සිය වයස අවුරුදු 06 සහ 13 යන වයස්වල පසුවන දියණියන්ගේ නිරුවත් ඡායාරුප සහ වීඩියෝ දර්ශන මෙලෙස වෙනත් පුද්ගලයින් වෙත යවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් 13 හැවිරිදි දැරිය විසින් පොලිසියට සිදුකළ දැනුම්දීම මත සැකකාර මව අත්අඩංගුවට ගත් බවයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර මවගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී එලෙස ලබාගත් ඡායාරූප සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

දැරියන්ගේ එම ඡායාරුප සහ වීඩියෝ දර්ශනවලට අමතරව සැකකාරියගේ ඡායාරූප ද එලෙස වට්ස්ඇප් මාර්ගයෙන් විවිධ පුද්ගලයින්ට යවා ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක කාලයක් රිමාන්ඩ් බන්ධනගාර ගතකරන ලෙස විනිසුරුවරයා නියෝගකර තිබෙනවා.

ඊට අමතරව සැකකාරියට සමාජ රෝග වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීමට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර නඩුව අවසන්වන තුරු දියණියන් දෙදෙනා පරිවාස භාරයේ රඳවා තැබීමට ද නියෝගකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
11
+1
4
+1
5
+1
15
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න චන්දිමගේ සුබ සහ අසුබ ආරංචි
09:42
Video thumbnail
"තරුෂිගේ ඔලිම්පික් සිහිනය නැති කරන්න කට්ටිය පුදුම විදිහට මහන්සි වෙනවා" #olimpics
03:39
Video thumbnail
කුකුල් පොහොර ලොරිය නැවතුන තැන
00:51
Video thumbnail
වැඩ නොකර සල්ලි විතරක් ගන්න ලංකාවේ නිලධාරීන්ට කෝ නීතිය ?
03:55
Video thumbnail
"අපි විශාල වර්ධනයක් අත්කරගෙන තියෙන බව හැමෝටම පේනවා" #slpolitics #imfsrilanka
02:35
Video thumbnail
ජනාධිපතිවරයාගේ නොකියවූ සුබ ආරංචිය
13:32
Video thumbnail
සජිත්ට ආරංචි වුණ දේවල් මෙන්න - "මේ ගිවිසුම ගහගත්ත විදිහ ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා"
01:58
Video thumbnail
KASTHIRAMA | පා.ම නිරෝෂන් පෙරේරා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ සහභාගීවන 8 වන කස්තිරම
01:48:15
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-06-29|Dasatha News
32:41
Video thumbnail
දේශපාලනයේ පෙරළියක් ඇතිකළ ෆෝන්සේකාගේ කෘතිය...#sarathfonseka #ranilwickremesinghe
05:06

?