කොදෙව් යෝධයින් ඉදිරියේ ඇෆ්ගනිස්ථානයට දරුණු පරාජයක්

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ පැවති අවසන් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අද හැකියාව ලැබුණා.

ඒ, මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ඇෆ්ගනිස්ථානය ලකුණු 104 කින් පරාජය කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් කඩුලු පහක් දැවී ලකුණු 218ක් රැස් කළා.

මෙහිදී නිකලස් පූරන් ලකුණු 98ක් රැස්කරමින් කොදෙව් ඉනිමේ නියමුවා බවට පත් වුණා.

පන්දු 53ක් තුළ ඔහු රැස්කළ මෙම ලකුණු අනූඅටට හයේ පහර 08ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වුණා.

මේ අතර මෙම තරගයේ දී නිකලස් පූරන් ජගත් විස්සයි විස්ස පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවා බවට පත්වීමට සමත්වීම ද විශේෂත්වයක්.

ඒ, අනුව ඔහු මේ වනවිට ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හයේ පහර 128ක් එල්ල කර තිබෙනවා.

මීට පෙර විස්සයි විස්ස පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ කොදෙව් පිතිකරුවා බවට පත්ව සිටියේ හිටපු ක්‍රීඩක ක්‍රිස් ගේල්වන අතර, ඔහු හයේ පහර 124ක් එල්ලකර තිබුණා.

මේ අතර අද තරගයේ දී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 16යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 114ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයෙන් කොදෙව්වන්ට ලකුණු 104ක් දැවැන්ත ජයක් හිමි වුණා.

පන්දු යැවීමේ දී ඕබෙඩ් මැකෝයි කඩුලු 03ක් සහ අකේල් හොසේන් ඇෆ්ගනිස්ථාන ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමුවා.

ලෝක කුසලාන තරගාවලියේ ‘C’ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය ඇෆ්ගනිස්ථාන පරාජයට පත් වුවත් සුපිරි 08 වටය සඳහා ඔවුන් සුදුසුකම් බලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?