ශ්‍රී ලංකා පිතිකරුවන් අද සාර්ථකයි

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය නෙදර්ලන්තයට එරෙහිව මේ වනවිට ක්‍රියාත්මකයි.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ශාන්ත ලුසියා හිදී පැවැත්වෙන මෙම තරගයේ නෙදර්ලන්ත ආරාධනයෙන් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන්නා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 201ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු බිංදුවකට සීමා වූ අතර, පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගියා.

කෙසේ වෙතත් අනෙකුත් ශ්‍රී ලංකා පිතිකරුවන් පමා වී හෝ සිය වගකීම හඳුනාගෙන ක්‍රීඩා කරන ආකාරය මෙම තරගයේ දී දැකගත හැකි වුණා.

ඒ, අනුව කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් රැස්කළ අතර, ධනංජය ද සිල්වා ලකුණු 34ක් රැස් කළා.

අවසන් පන්දුවාර කිහිප තුළ ප්‍රහාරත්මක පිති හරඹයක් දියත් කළ ඇන්ජලෝ මැතිව්ස් සහ නායක වනිඳු හසරංග ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාවට රැගෙන ආවා.

පන්දු යැවීමේ දී ලෝගන් වෑන් බීක් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජයගැනීම වෙනුවෙන් නෙදර්ලන්තයට ලකුණු 202ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම තරගයේ දී දැක්වූ සාර්ථකත්වයත් සමඟ මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී මේ දක්වා පැවති තරගවල දී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ශ්‍රී ලංකාව අද රැස්කළ ලකුණු 201ක දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
3
+1
38
+1
5
+1
1
+1
6
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.10
00:00
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15
Video thumbnail
මං මෝඩයන්ට උත්තර දෙන්නේ නෑ - මරික්කාර් සැර වෙයි
10:05
Video thumbnail
කළුතර ප්‍රා. සභාවේ මන්ත්‍රීලගේ වැඩ බලන්න ආ වඳුරා..හරි අපූරුවට බලන් ඉන්න හැටි
01:40
Video thumbnail
අපිට නම් දැන් සනීපයි හොඳටම - ආණ්ඩුවට දීලා අනාගත්තා
04:53