ජූලි මුල් සතියේ උපාධිධාරී ගුරු පත්වීම් 2300ක්

ලබන ජූලි මස මුල් සතියේ දී ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීවවිද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දෙමළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන් ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරී ගුරු පත්වීම් 2500ක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එම සියලු‍ උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ සඳහා ද මේ වන විට පෙනී සිට ඇතැයි කී අමාත්‍යවරයා මෙමගින් දක්ෂ ම ගුරුවරුන් දරුවන්ට ලබා දීමට අපේක්ෂා කරන බවයි සඳහන් කළේ.

නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් තාක්ෂණ ගොඩනැගල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

2014 වර්ෂය වන තෙක් විද්‍යා, කලා, වාණිජ යන විෂය ධාරා තුනක් පැවති නමුත් තාක්ෂණ පීඨ ආරම්භ කිරීමත් සමඟ තාක්ෂණ විෂය ධාරා ආරම්භ කළ බවත්, අද කලා විෂය ධාරාවන්ට වඩා අධික ඉල්ලු‍මක් පවතින්නේ වෘත්තීය ක්ෂේත්‍රය සමඟ සෘජුව ම සබැඳුණු තාක්ෂණ විෂය ධාරාවන්ට බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.

එමෙන්ම අධ්‍යාපන ඩිජිටල්කරණය යනු හුදු කළුලෑල්ලෙන් සුහුරු තිරයට මාරුවීමක් පමණක් නොවන බවත් නවීනතම ‘ස්මාට් බෝඩ්‘ 2500ක් ලබන අගෝස්තු-සැප්තැම්බර් මාස වන විට දිවයිනේ සියලු‍ පර්ෂද මූලස්ථ ප්‍රමුඛ පාසල්වලට පළමු අදියර තුළ ලබාදී වසර තුනක් ඇතුළත සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගෙන සුහුරු අධ්‍යාපන අවස්ථා සැලසීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසුවා.

ගුරුවරුන් ද මේ සඳහා සූදානම් විය යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා එම ගුරු පුහුණුවීම්වලට අදාළ ගුරු අත්පොත මේ වන විට විෂය ප්‍රවීණ විද්වතුන් ලවා සකසා අවසන්ව ඇති බවත්, මූලික වටයේ දී ගුරුවරුන් 7500ක් පුහුණු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

පසුගිය සමයේ පැවති අර්බුදකාරී තත්ත්වය නොවන්නට වසර 02ක දී මෙම කාර්ය නිමා කළ හැකි වන බවත්, ගුරුවරුන් දෙලක්ෂ තිස් දෙදහක් පුහුණු කිරීමේ අභියෝගයට ඉදිරියේ දී මුහුණ දීමට ඇති බවත් කී අමාත්‍යවරයා එම අභියෝග භාර ගැනීමට තමන් සූදානම් බව ද ලෙඩ නිවාඩු දමන පිරිස, නොනැවතී ඉදිරියට යන දරුවන් හමුවේ මේ වගකීම අවබෝධ කරගත යුතු බව ද සඳහන් කළා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන විට 1-6-10 නියමු ව්‍යාපෘති 2025 වර්ෂයේ ආරම්භ වන අතර, ඒ අනුව ඉදිරියේ දී පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සමස්තය විභාගයෙන් පමණක් ගත නොහැකි බව පැවසූ අමාත්‍යවරයා විභාගයෙන් ලකුණු 30%ක් 4-5 ශ්‍රේණිවල දී පන්තිකාමරය තුළ අධ්‍යාපනය ලබන අතර වාරයේ උපයාගත යුත් බවත් එය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම බවත් අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩල මගින් සිදුකෙරෙන බවත් සඳහන් කළා.

එමෙන්ම විද්‍යාපීඨ 19 එකතු කර හදන විශ්වවිද්‍යාලයෙන් බිහි කරන විද්‍යාවේදී උපාධිධාරී ගුරුවරුන් පමණක් 2028 වර්ෂයේ සිට පාසල්වලට යොමු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04