කොදෙව් ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාව හමුවේ දරුණු පරාජයක්

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද (15) හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ කඩුලු 06කින්.

හම්බන්තොට දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩිකාවන් පන්දුවාර 47යි එක් පන්දුවක් තුළ සියල්ලන් දැවී ලකුණු 195ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 34යි එක් පන්දුවක් තුළ කඩුලු 04ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

එහිදී හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 44ක් රැස්කළ අතර, ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න ලකුණු 40ක් රැස්කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට දායක වුණා.

මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේ තරග එකට බිංදුවක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
0
+1
13
+1
1
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59