ශක්තිමත් බවට කිරුළු පැළඳු ටාජ්

ඉන්දියාවේ විශාලතම ආගන්තුක සත්කාරක සමාගම වන ඉන්දියන් හෝටල් සමාගම (IHCL) අඟහරුවාදා නිවේදනය කළේ එහි “නිරූපී සන්නාමය” Taj නැවත වරක් Brand Finance විසින් ලොව ශක්තිමත්ම හෝටල් සන්නාමය ලෙස අභිෂේක ගන්වා ඇති බවයි.

ඔවුන් මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තේ තෙවැනි වරට වීමත් විශේෂත්වයක්.

ලොව ප්‍රමුඛතම සන්නාම තක්සේරු උපදේශන ආයතනය විසින් ලොව ශක්තිමත්ම හෝටල් සන්නාම වාර්තාව ‘හෝටල් 50 – 2024’ වාර්ෂික වාර්තාව ලොව පුරා ඇති වටිනාම සහ ශක්තිමත්ම හෝටල් සන්නාම හඳුනාගනු ලබනවා.

Brand Finance හි Hotel 50 – 2024 වාර්තාවට අනුව, මේ වසරේ දී සන්නාම වටිනාකම ඩොලර් මිලියන 545 දක්වා සියයට 45කින් වැඩි වීමත් සමඟ Taj ලොව ශක්තිමත්ම හෝටල් සන්නාමය බවට පත්ව තිබෙනවා.

එහි වැඩි දියුණු කරන ලද සන්නාම ශක්ති දර්ශකය (BSI) ලකුණු 100න් 92.9 ක් AAA+ ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් අතර එය Brand Finance විසින් පිරිනමන ඉහළම සන්නාම ශක්ති ශ්‍රේණිගත කිරීම ද වනවා.

Taj ලොව දෙවන වේගයෙන් ම වර්ධනය වන සන්නාමය ලෙස ද හඳුනාගෙන ඇති අතර ලොව ශක්තිමත්ම හෝටල් සන්නාමය බවට නම් කෙරුණු පළමු ඉන්දීය සන්නාමය ද වනවා.

Tata සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ Jamsetji Tata විසින් සංස්ථාපිත කරන ලද සමාගම, 1903 දී බොම්බායේ එහි පළමු හෝටලය – The Taj Mahal Palace විවෘත කළා.

IHCL සතුව ලොව පුරා මහද්වීප 4ක; රටවල් 13ක සහ සංවර්ධනය වෙමින් පවතින හෝටල් 99ක් ඇතුළුව හෝටල් 322ක් හිමියි.

ඉන්දියන් හෝටල් සමාගම (IHCL) වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව ඉන්දියාවේ විශාලතම සත්කාරක සමාගමද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26