AFC Banner
Empty Ad
Empty Ad

මේ මොහොතේ ලෙජන්ඩ්ස් තරඟය පැවැත්වීම සුදුසු නෑ – ඩිල්ශාන් කියයි

පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරඟය පැවැත්වීම මේ මොහොතේදී සුදුසු ක්‍රියාවක් නොවන බව ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී එම් ඩිල්ශාන් පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටී එම් ඩිල්ශාන් කියාසිටියේ මේ වනවිට තමා නායකත්වය සපයන ලෙජන්ඩ්ස් කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කරන බැවින් යම් හෙයකින් පැවැත්වීමට යෝජිත තරඟයේ තීරණය සිය කණ්ඩායමට වාසිදායක වුවහොත් එය ජාතික කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් ඇතිකරන්නක් වනු ඇති බවයි.

පලපුරුදු ක්‍රීඩකයන් ලෙස අප මේ මොහොතේ සිදුකළයුතුව ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලිය සඳහා එකවන ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් හට අවශ්‍ය ශාරීරික හා මානසික ශක්තිය ලබාදීම බව ඩිල්ශාන් කියා සිටියා.

කෙසේ වෙතත් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඩිල්ශාන් ලෙජන්ඩ්ස් තරඟාවලිය තුළදී සිදුවූ ආබාධයකට ප්‍රතිකාර ලබාගන්නා අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම තරඟාවලිය පැවැත්වෙන ආකාරයක් හෝ දිනයක් පිළිබඳව මේ දක්වා තමන්ට හෝ සිය කණ්ඩායමේ කළමනාකරුට කිසිදු නිළ දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩ 05ක බදු ඉහළට - මේ ආණ්ඩුව තාම ගැබ් ගත්ත විතරයි #npp #akd #anurakumaradissanayake
02:41
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් පාවිච්චි කරන්නෙත් BMW #anurakumaradissanayake
02:22
Video thumbnail
සීලෙ අපිට... අපි සීලෙට... සාධු...සාධු - සාධු නැතුව අපිට වෙන පිස්සො එපා #seelarathanathero
01:42
Video thumbnail
සජිත් ඉල්ලන ඉල්ලන ඡන්දේ පරාදයි #sajithpremadasa
01:47
Video thumbnail
ජනපති අනුරගෙත් අත්දැකීම් අඩුයි - තිස්ස කුට්ටි දාපු නෝණ්ඩිය #anurakumaradissanayake
02:55
Video thumbnail
ජනපතිගේ රෙදි ලෙෆ්ට් - ගත්ත ණය මෙන්න #anurakumaradissanayake
05:19
Video thumbnail
බලයට කෑදර සුසිල් - ලැජ්ජ නැතුව කියන කතා - "එක පරාජයකින් දේශපාලනය අත්හරින්න බෑ"
02:10
Video thumbnail
ගෑස් සිලින්ඩරය වැඩ අරඹයි - වැඩක් කළානම් ඡන්ද හිඟාකන්න ඕනිද?
03:38
Video thumbnail
දිනේෂ් ගුණවර්ධන ජනපතිට දාපු ලොකු සද්දේ - ගත්ත වරම හරියට ක්‍රියාත්මක කරන්න
03:37
Video thumbnail
අපි මිනිස්සු අගය කරන්න පුරුදු වෙමු...
06:47

?