මේ මොහොතේ ලෙජන්ඩ්ස් තරඟය පැවැත්වීම සුදුසු නෑ – ඩිල්ශාන් කියයි

පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරඟය පැවැත්වීම මේ මොහොතේදී සුදුසු ක්‍රියාවක් නොවන බව ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී එම් ඩිල්ශාන් පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටී එම් ඩිල්ශාන් කියාසිටියේ මේ වනවිට තමා නායකත්වය සපයන ලෙජන්ඩ්ස් කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කරන බැවින් යම් හෙයකින් පැවැත්වීමට යෝජිත තරඟයේ තීරණය සිය කණ්ඩායමට වාසිදායක වුවහොත් එය ජාතික කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් ඇතිකරන්නක් වනු ඇති බවයි.

පලපුරුදු ක්‍රීඩකයන් ලෙස අප මේ මොහොතේ සිදුකළයුතුව ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලිය සඳහා එකවන ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් හට අවශ්‍ය ශාරීරික හා මානසික ශක්තිය ලබාදීම බව ඩිල්ශාන් කියා සිටියා.

කෙසේ වෙතත් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඩිල්ශාන් ලෙජන්ඩ්ස් තරඟාවලිය තුළදී සිදුවූ ආබාධයකට ප්‍රතිකාර ලබාගන්නා අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම තරඟාවලිය පැවැත්වෙන ආකාරයක් හෝ දිනයක් පිළිබඳව මේ දක්වා තමන්ට හෝ සිය කණ්ඩායමේ කළමනාකරුට කිසිදු නිළ දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර ලබාදීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්..අවුරුදු 5ක් කල් ඉකුත්වෙලා..පොහොර හංඟලා
10:00
Video thumbnail
ඇදහැලුණු මහ වැස්සත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයේ තවමත් වාන් දොරටු විවෘතව පවතියි
02:05
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21