AFC Banner
Empty Ad
Empty Ad

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අනතුරක් – 05 දෙනෙකු රෝහලට

පාදුක්ක – පිටකොටුව පෞද්ගලික බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ආරක්ෂිත වීදුරුවෙහි ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම අනතුර අද (12) දහවල් සිදු ව ඇති අතර, අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් පස්දෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසන්නේ.

සිදු වූ අනතුරින් අදාළ පර්‍යන්තය සමීපයෙහි නවතා තිබූ බස් රථයකට සුළු අලාභ හානි සිදු ව තිබෙනවා.

පිටකොටුව සිට පාදුක්ක දක්වා මගීන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් තවත් මගීන් පටවා ගැනීම සඳහා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පර්යන්තයට පැමිණීමේ දී බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ආරක්ෂිත වීදුරුවේ ගැටී එහි වීදුරු දෙකක් සම්පූර්ණයෙන් ම විනාශ වී ආරක්ෂිත කණුවකට ද හානි සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුරින් සිදු වූ අලාභය රුපියල් ලක්ෂ 50කට අධික බවත් වාර්තා වනවා.

සිද්ධිය සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
4
+1
6
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් - "සංචාරක ව්‍යාපාරය පොළවටම හාන්සි උනා" #dilithjayaweera #npp
02:32
Video thumbnail
ආරුගම්බේ සිද්ධියට දුක්වුණ තිස්ස - මාලිමා ආණ්ඩුවට තිස්සගෙන් සැර පිළිතුරු
02:14
Video thumbnail
පර්යේෂණ යනවා - එකින් එක එළියට එයි
03:53
Video thumbnail
මුජිබර්ගෙන් ඇඟ කිළිපොලා යන කතාවක් - ලංකාව ඊශ්‍රායල් මධ්‍යස්ථනයක් වෙන්නයි යන්නේ
08:59
Video thumbnail
සර්ව ජනයේ වැඩපිළිවෙලක් නොමැති බව රොෂාන් රනසිංහ අවිවාදයෙන් පිළිගනී #dilithjayaweera
02:34
Video thumbnail
සර්ව ජනයේ වැඩපිළිවෙලක් නෑ #short #viralshorts #dilithjayaweera #1millionviews
00:16
Video thumbnail
දිලිත් ජයවීර විපක්ෂ නායක කරන්න ජනතාව සූධානම්#dilithjayaweera
05:41
Video thumbnail
කාදිනල් හිමිට ඇඩ්‍රස් නැතිවෙන් දුන්න උපදෙස #kardinal #pasku #akd #npp
17:16
Video thumbnail
වැටුපක් නොමැතිව රට ගොඩගන්න එන රතන හිමි -මේ රට කොයි පැත්තට යයිද කියලා හිතාගන්න බෑ
03:03
Video thumbnail
අරුගම්බේ සිද්ධිය ගැන විජිත හේරත් හදිසියේ මාද්‍යට කළ ප්‍රකාශය #arugambe #vijithaherath #npp
01:12

?