ගුරු විභාගය සමත් 3408 අතරින් මධ්‍යම පළාතේ පත්වීම් 378 දෙනෙකුට ද?

මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් විසින් ශ්‍රී දළදා මාලිගාවේ අධිආරක්ෂිත කලාපයේ අද(10) උදෑසන සිදු කිරීමට ගිය උද්ඝෝෂණයක් පොලිසිය මැදිහත්වීමෙන් සාමකාමී විරෝධතාවක් බවට පත් ව තිබෙනවා.

මෙම විරෝධතාව පැවැත්වීමට සූදානම් කර තිබුණේ දළඳා මාලිගා අධි ආරක්ෂිත කලාපයේ පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල පිවිසුම් දොරටුව අසල දී ය.

මධ්‍යම පළාතේ ගුරු පුරප්පාඩු පියවීම සඳහා උපාධිධාරීන් තෝරා ගැනීම උදෙසා මෙම වසරේ අප්‍රේල් මස 20 වැනි දින තරග විභාගයක් පැවති අතර ඒ සඳහා සහභාගී වූ උපාධිධාරීන් අතරින් 3408 දෙනෙකු විභාගය සමත් වුව ද පත්වීම් ලබාදීම සඳහා කැඳවා ඇත්තේ ඉන් 378 දෙනෙකු පමණක් බැවින් ඊට එරෙහි ව අදාළ විරෝධතාව සංවිධානය කර තිබුණා.

විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටියේ විභාගය සමත් වූ සියලු දෙනා හට ගුරු පත්වීම් ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

මහනුවර පොලිසිය මැදිහත් වීමෙන් පසුව විරෝධතාවයේ නියුතු පිරිස සාකච්ඡාවක් සඳහා මධ්‍යම පළාතේ ආණ්ඩුකාර කාර්‍යාලය වෙත යොමු කෙරුණා.

එහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය විරෝධතාකරුවන් හට දැනුම්දී ඇත්තේ ඔවුන්ගේ ගැටලුව කඩිනමින් විසඳීමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18