ඉන්දු – පාකිස්ථාන තරගයට පෙර ගුවන් යානයකින් දුන් පණිවුඩය සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය ඊයේ (09) නිව්යෝර්ක් හි නසාවු ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වුණා.

මෙම තරගයෙන් ලකුණු 06ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දියාවට හැකියාව ලැබුණා.

වර්ෂාව හේතුවෙන් විනාඩි 45ක පමණ ප්‍රමාදයකින් මෙම තරගය ආරම්භ වූ අතර, තරග ආරම්භයට මොහොතකට පෙර ක්‍රීඩාංගණයට ඉහළ අහසේ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

ඉම්රාන් ඛාන් නිදහස් කරන්න‘ යනුවෙන් සඳහන් කළ බැනරයක් සහිත ගුවන් යානයක් නසාවු ප්‍රාන්ත ක්‍රීඩාංගණයට ඉහළින් පියාසර කිරීම මෙලෙස බොහෝ දෙනෙකුගේ අවදානයට යොමු වූ සිදුවීම බවට පත්ව තිබෙනවා.

මෙම සිදුවීම ක්‍රීඩාංගණයේ සිටි බොහෝ ප්‍රේක්ෂකයින්ගේ ජංගම දුරකථනවල සටහන්ව තිබු අතර, මේ වනවිට එය සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා.

ගුවන් යානය සහ බැනරය සම්බන්ධයෙන් වගකිවයුත්තන් හිටපු අගමැතිවරයාගේ ආධාරකරුවන් විය හැකි නමුත්, ඔවුන්ගේ අනන්‍යතාවය තවමත් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ සිදුවීම පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23