දුම්රිය රියදුරන්ගේ වර්ජනය අදත් – උදෑසන ගමන් වාර 10ක් අවලංගුයි (වීඩියෝ)

උසස්වීම් ගැටලුවක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් පිරිසක් පෙරේදා (06) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මකයි.

වර්ජනය හේතුවෙන් අද (08) උදෑසනත් දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කෙරුණා.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් වර්ජනයක නිරතව සිටිනවා.

දුම්රිය ධාවනාගාර පහෙන් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්වී සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

වැඩවර්ජනය හේතුවෙන් ඊයේ (07) දිනයේ දුම්රිය ගමන් වාර 100 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ අතර, අද උදෑසනත් දුම්රිය 10ක් පමණ අවලංගු කිරීම‍ට සිදු වූ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොළගේ සඳහන් කළා.

වර්ජනයට හේතු වී ඇත්තේ රියදුරන් 84 දෛනකුගේ උසස්වීම් ගැටලුවක්.

නමුත් වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත් වූයේ සිය ගමන් අවශ්‍යතා දුම්රිය මගින් සලසා ගන්නා දහස් ගණනක් මගී ජනතාවයි.

සිය ඉල්ලීම්වලට බලධාරීන්ගේ අවධානය යොමු වන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වර්ජිත වෘත්තීය සමිති අවධාරණය කරනවා.

වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හෝ ප්‍රවාහන අමාත්‍යාංශය මෙතෙක් නිල ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36