ඇෆ්ගනිස්ථානයට ඉතිහාසගත ජයක්

ලෝක කුසලාන 20-20 තරගාවලියේ අමිහිරි පරාජයක් වැළඳගන්නට ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට අද සිදු වුණා.

ඇෆ්ගනිස්ථානය සමඟ පැවති මෙම තරගය ප්‍රබල නවසීලන්ත පරාජයට පත් වුණේ ලකුණු 84කින්.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස තරගයක දී පරාජය කළ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසගත වනවා.

මෙම තරගය ජය ගැනීමත් සමඟ ‘සී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීම ඇෆ්ගනිස්තානයට හැකියාව ලැබුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය කඩුලු 06කට ලකුණු 159ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ලකුණු 160 ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 02ක දී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 75ක් පමණයි.

එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ෆසාල්හක් ෆාරුකි ලකුණු 17කට කඩුලු 04ක් සහ රෂීඩ් ඛාන් ද ලකුණු 17කට කඩුලු 04ක් බිඳ දැමුවා.

ඒ, අනුව කොදෙව් දේශයේ ගයනාවේ දී පැවති මෙම තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 84ක ජයක් හිමිකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55