දුම්රිය රියදුරන්ගේ වර්ජනය අඛණ්ඩව

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (06) රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

දුම්රිය රියදුරු සංගමයේ 2015 හා 2017 වර්ෂවල දී සේවයට බැඳුණු දුම්රිය රියදුරන් 84 දෙනෙකුගේ උසස්වීම් ගැටලුවක් මුල් කරගනිමින් එම රියදුරුන්ගෙන් එක් පාර්ශවයක් අද (06) දින සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා.

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දුන්නේ සිය ගැටළුව සම්බන්ධයෙන් අවස්ථා කීපයක දී බලධාරින් දැනුම්වත් කල ද නිසි පිළිතුරක් නොලැබුනු බවයි.

මේ හේතුවෙන් අවස්ථා කිහිපයකදීම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සූදානම්වුව ද ඒවා ක්‍රියාත්මක නොකළ බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය පහව ගොස් ඇති බැවින් අද සිට සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කළ බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටින්නේ.

දුම්රිය ධාවනාගාර පහෙන් ධාවනාගාර 02ක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්වී සිටින අතර, මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදු නොවන බවයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24