දුම්රිය රියදුරන්ගේ වර්ජනය අඛණ්ඩව

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (06) රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

දුම්රිය රියදුරු සංගමයේ 2015 හා 2017 වර්ෂවල දී සේවයට බැඳුණු දුම්රිය රියදුරන් 84 දෙනෙකුගේ උසස්වීම් ගැටලුවක් මුල් කරගනිමින් එම රියදුරුන්ගෙන් එක් පාර්ශවයක් අද (06) දින සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා.

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දුන්නේ සිය ගැටළුව සම්බන්ධයෙන් අවස්ථා කීපයක දී බලධාරින් දැනුම්වත් කල ද නිසි පිළිතුරක් නොලැබුනු බවයි.

මේ හේතුවෙන් අවස්ථා කිහිපයකදීම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සූදානම්වුව ද ඒවා ක්‍රියාත්මක නොකළ බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය පහව ගොස් ඇති බැවින් අද සිට සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කළ බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටින්නේ.

දුම්රිය ධාවනාගාර පහෙන් ධාවනාගාර 02ක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්වී සිටින අතර, මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදු නොවන බවයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43