AFC Banner
Empty Ad
Empty Ad

කෙහෙළියගේ පෙත්සම සලකා බැලීම දහයට කල් යයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේශ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ම නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යයක් කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (05) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුවා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

මෙහිදී පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නා.

එසේ තිබියදී පෙත්සම්කරු දිගින් දිගටම පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීමට අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

පොදු දේපොළ පනත යටතේ යම් සැකකරුවකු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකියාව ලැබෙන්නේ නඩු විභාගය ආරම්භ වීමෙන් පසුව මහාධිකරණයට පමණක් බවත් මෙම නඩුකරයට අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය තම සේවා දායකයා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දුන් නියෝගය නීතියට පටහැනි බවත් පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම මේ මස 10 වනදා තෙක් කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් තිබ්බ ෆයිල්වල මදේ නෑ - ජනාධිපතිට හොඳට දෙහි කපයි
03:51
Video thumbnail
උදයංග වීරතුංගගෙන් විශේෂ ප්‍රකාශයක්
06:41
Video thumbnail
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීමට ජනපතිගෙන් උපදෙස් #anurakumaradissanayake
00:47
Video thumbnail
තිස්ස කුට්ටිගේ අමුතු ආදර කතාවක් මාට්ටු - මයේ අම්මා ඒකේ ලස්සන
01:34
Video thumbnail
දිලිත්ගේ ප්‍රබලයෙක් රන්ජන්ට එකතුවෙයි - දිල්ශාන් සන්තෝසෙන් කිව්ව කතාව
01:15
Video thumbnail
රන්ජන්ට සල්ලි තියෙනවා - රටේ සමාන්‍ය පුරවැසියන්ටත් හෙලිකොප්ටරේක යන්න පුලුවන් වෙන්න ඕනි
02:26
Video thumbnail
D.V චානක අනුර කුමාරව නැත්තට නැති කරයි
06:00
Video thumbnail
රඹෑව රත්වෙයි - පොලීසියත් එතනට - අනුරාධපුර යාපනය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම වසාගත් විරෝධතාවය
10:42
Video thumbnail
අනුරට ඕනි පාරිලිමේන්තුවක් හදලා බෑ - නීතිඥ නාමල් රාජපක්ෂ කට අරී
03:24
Video thumbnail
සජබ අසාර්ථක නිසා 3% හිටිය පුංචි විපක්ෂය රාජ්‍ය බලය ගත්තේ - දලිත්ගේ කණ්ඩායමෙන් ලොකු වෙනසක්
07:07

?