පාඨලීගේ රියදුරුගේ බිරිඳට වන්දි ගෙවන්න CCD නිලධාරීන් දෙදෙනෙකුට නියෝග

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු සොයාදෙන ලෙස ඔහුගේ බිරිඳ, අත දරුවා සහ ඇයගේ මව අනීතික ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙනවිත් පැය කිහිපයක් එහි රදවා තබා ගැනීම තුළින් පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළා.

ඒ, අනුව අදාළ මූලික අයිතිවාසිකම් කඩකිරීමට වගකිවයුතු කොළඹ අපරාධ කොට්ඨාසයේ එවක වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නෙවිල් සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.මෙත්තානන්ද යන නිලධාරීන් සිය පුද්ගලික මුදල්වලින් රුපියල් 250,000 බැගින් පෙත්සම්කාරියට වන්දි ගෙවිය යුතු බවත් නියෝග කරනු ලැබුවා.

ඊට අමතරව රජය විසින් රුපියල් 10,000 වන්දියක් ගෙවිය යුතු බවත් නියෝග කෙරුණා.

අර්ජුන ඔබසේකර, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
9
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් Phone උස්සපු පොඩි කොල්ලා - කොල්ලගේ කෙරුවාව අතේ මාට්ටු ?
01:37
Video thumbnail
මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත්ගෙන් සැර පිළිතුරක් - අම්මා අප්පගේ බූදලයක් නෙවෙයි
07:45
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37