ගුරුවරු අදත් ලෙඩ නිවාඩු (වීඩියෝ)

ගුරු – විදුහල්පතිවරුන් වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (31) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වනවා.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි බලකරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (30) ආරම්භ කළා.

මේ සඳහා රජයේ පාර්ශ්වයේ නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කළේ.

මේ අතර ඊයේ (30) ආරම්භ කළ මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සංගමය ඇතුළු තවත් ගුරු විදුහල්පත් සංගම් කිහිපයක් සහාය පළකර තිබුනේ නැහැ.

ගුරු – විදුහල්පතිවරුන්ගේ මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් කොළඹින් පිට පළාත්වල පාසල්වල ළමුන්ගේ පැමිණීම අද දිනයේ ඉතා අඩු මට්ටමක පැවති බව අප ප්‍රදේශීය වාර්තාකරුවන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් Phone උස්සපු පොඩි කොල්ලා - කොල්ලගේ කෙරුවාව අතේ මාට්ටු ?
01:37
Video thumbnail
මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත්ගෙන් සැර පිළිතුරක් - අම්මා අප්පගේ බූදලයක් නෙවෙයි
07:45
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37