ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාව අයැදියි

සමලිංගික පිරිමින් පිළිබඳ අපහාසාත්මක යෙදුමක් භාවිතා කිරීම සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (28) සමාව අයැද සිටියා.

වතිකානයේ ප්‍රකාශක Matteo Bruni සඳහන් කර තිබුණේ පසුගිය මැයි 20 වැනිදා ඉතාලි බිෂොප්වරුන්ගේ හමුවේදී පාප් වහන්සේ කිසි විටෙකත් සමලිංගික ප්‍රජාවට අපහාස කිරීමේ අරමුණෙන් අදහස් ප්‍රකාශ නොකළද මාධ්‍ය වාර්තා කරන ආකාරයෙන් පාප් වහන්සේ භාවිත කළ වචනවලින් අමනාප වූ අයගෙන් ඔහු සමාව අයැද සිටින බවයි.

පසුගිය 20 වෙනිදා ඉතාලි බිෂොප්වරුන් සමග පැවති හමුවකදී සමලිංගික පිරිමින්ට පූජකත්වය සඳහා පුහුණු වීමට ඉඩ නොදිය යුතු බවට කරන ලද සඳහනකදී සමලිංගික පිරිමින් අරබයා අපහාසාත්මක යෙදුමක් භාවිත කළ බවට පාප් වහන්සේට චෝදනා එල්ල වුණා.

සමලිංගික හෝ සමලිංගික නැමියාවක් ඇති පිරිමින් පූජකයින් ලෙස පල්ලියට එක්වීමට ඉඩ දිය නොහැකි බවට වතිකානය තීන්දු කරනු ලැබුවේ 2005 වසරේ සිටයි. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ද 2016 වසරේදී එම තීන්දුව අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30