AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රංශ තානාපතිගේ මරණය සම්බන්ධ ස්ථානීය මරණ පරීක්ෂණය සිදුකෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්රැන්කොයිස් පැක්ටේට් රාජගිරියේ පිහිටි සිය නිල නිවසේ මියගොස් සිටියදී ඊයේ (26) පස්වරුවේ වැලිකඩ පොලීසිය විසින් සොයා ගත්තා.

53 හැවිරිදි වියේ පසු වූ ඔහු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් වන ස්ථානීය මරණ පරීක්ෂණය ඊයේ (26) රාත්‍රියේ දී සිදුකර තිබෙනවා.

මේ අතර තානාපතිවරයාගේ අභාවය පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වාත් ගෙන නොමැති බවයි ප්‍රංශ තානාපති කාර්යාලය සඳහන් කළේ.

ඔහුගේ දේහය යළි ප්‍රංශය වෙත රැගෙන යන්නේ ද නැත්නම් අවසන් කටයුතු මෙරටදී සිදුකරන්නේ ද යන්න පිළිබඳ තීරණය අද (27) දිනය තුළ ගනු ලබන බව ද තානාපති කාර්යාල පැවසුවා.

ජීන් ෆ්රැන්කොයිස් පැක්ටේට් 2022 ඔක්තෝම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
6
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?