LPL ක්‍රීඩක වෙන්දේසිය හෙට – ජනප්‍රිය වෙන්දේසිකරුවාත් දිවයිනට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 05 වන අදියරේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (20) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මෙවර වෙන්දේසිය පැවැත්වෙන බව එල්.පී.එල් තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවල සඳහන් කළා.

මෙවර වෙන්දේසිය මෙහෙයවීම ද ජනප්‍රිය ඉන්දීය වෙන්ද්සිකරුවෙක් වන චාරු ශර්මා විසින් සිදුකර බවයි තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවල වැඩිදුරටත් පැවසුවේ.

ඔහු අද (20) පෙරවරුවේ බැංගලෝරයේ සිට දිවයිනට පැමිණි බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ.

2024 එල්.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (21) දහවල් 12.00ට ආරම්භ කරන අතර, එය ප්‍රමුඛතම ක්‍රීඩා රූපවාහිනී නාළිකාවක් වන ‘ස්ටාර් ස්පෝර්ට්ස්’ මඟින් සජීවීව ලොව පුරා විකාශය කිරීමට ද නියමිතයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය ඉතා ඉහළ තරගකාරීතාවක් ගනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි සමන්ත දොඩංවල අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18