ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් මරු දකී

ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

අද (20) අලුයම 4.00ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ කහව, සිරිසොභනාරාම පන්සල පාරේ පදිංචිව සිටි වය අවුරුදු 59ක තිදරු මවක්.

මෙම කාන්තාව අද (20) අලුයම නිවසේ මුලුතැන්ගෙයි පොල් ගාමින් සිටිය දී නාඳුනන පුද්ගලයෙකු නිවසට ඇතුළු වී ඇසිඩ් ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතළ තත්ත්වයේ සිටි එම කාන්තාව අවට ප්‍රදේශවාසීන් එක්ව බලපිටිය මූලික රොහලට ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාවේ දී ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ඝාතනය ලක් වූ කාන්තාව පාසලකට ආහාර සපයයන ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තැනැත්තියක්.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
1
+1
2
+1
24
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?