ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් මරු දකී

ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

අද (20) අලුයම 4.00ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ කහව, සිරිසොභනාරාම පන්සල පාරේ පදිංචිව සිටි වය අවුරුදු 59ක තිදරු මවක්.

මෙම කාන්තාව අද (20) අලුයම නිවසේ මුලුතැන්ගෙයි පොල් ගාමින් සිටිය දී නාඳුනන පුද්ගලයෙකු නිවසට ඇතුළු වී ඇසිඩ් ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතළ තත්ත්වයේ සිටි එම කාන්තාව අවට ප්‍රදේශවාසීන් එක්ව බලපිටිය මූලික රොහලට ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාවේ දී ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ඝාතනය ලක් වූ කාන්තාව පාසලකට ආහාර සපයයන ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තැනැත්තියක්.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
1
+1
2
+1
24
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56