කලවාන කුකුළේ ගංගාවට පැන දිවි නසා ගැනීමට උත්සහා කල දැරියක් බේරාගැනීමට තරුණයෙක් සමත් වී තිබෙනවා.
මෙම දැරිය කලවාන දුනුමාගල වත්ත ප්රදේශයේ පදිංචි දැරියක් බවත් සිය නිවසින් අමනාපව විත් ඇය මෙලෙස කුකුළේ ගංගාවට පැන දිවි අහිමි කර ගැනීමට උත්සහා කර ඇති බව කලවාන පොලිසිය පවසා සිටිනවා..
මේ දිනවල ප්රදේශයේ පවතින වර්ෂාපතනය සමග කුකුළේ ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇති අතර එම තරුණයා විසින් මෙම දැරිය ගගට පනිනු දැක සිය දිවි නොතකා ගගට පැන ඇය බේරාගෙන ඇති බවයි පැවසෙන්නේ.
එම දැරිය ප්රශ්න කිරීම සදහා කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
4
+1
2
+1
4
+1
4
+1




