යුද ජයග්‍රහණයේ 15 වන සංවත්සරය අද

එල්.ටී.ටී.ඊ, ත්‍රස්තවාදය පරාජයකර වසර තිහක යුද්ධය නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාව ලබාගත් යුද ජයග්‍රහණයේ 15 වන සංවත්සරය අදට (18) යෙදී තිබෙනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී ජීවිතක්ෂයට පත්වීමත් සමඟ තිස් වසරක් ශ්‍රී ලංකාව වෙලාගෙන තිබූ කුරිරු යුද්ධය නිමාව දුටුවා.

ත්‍රස්තවාදයට එරෙහිව පැවති සටනේ දී මෙරට දහස් ගණකක් රණවිරුවන් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ අතර, තවත් දහස් ගණනක් ආබාධිත තත්ත්වයට පත් වුණා.

මේ අතර යුද්ධයේ දී දිවි පූජා කළ සහ තුවාල ලැබූ රණවිරුවන් සිහි කිරීමේ රණවිරු සැමරුම් දිනය හෙටට (19) ට යෙදී තිබෙනවා.

ඒ, නිමිත්තෙන් සංවිධානය කරන රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසළ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?